හෙට (04) දිනයේදී 76 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 754ක් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතවයි
ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට එම විශේෂ රාජ්‍ය සමාව ප්‍රධානය කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කළේ ඒ අනුව ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 729ක් ද, කාන්තා සිරකාරියන් 25 ක් සිටින බවයි
