නික්ම යන එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයාට සමු දෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සේවය නිම කිරීමෙන් අනතුරුව ධුරයෙන් නික්ම යන ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සි නෙල්සන්, අද (ජුනි 20) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවුණා.

මෙම සුහද හමුව අතරතුර ලුතිනන් කර්නල් නෙල්සන් තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ උත්සාහය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළා.

එමෙන්ම, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු කිහිපයක් මෙන්ම, ආරක්‍ෂක ක්ෂේත්‍රයේ අඛණ්ඩ සහයෝගීතාවය පිළිබඳව ද, මෙහිදී සාකච්ඡා කෙරුණා.

හමුව අවසානයේ දී, දෙරට අතර පවතින සබඳතාව සහ දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු වුණා.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18