නැන්දම්මාගේ කරදර ඉවසාගත නොහැකිව විවාහක තරුණිය දිවි නසාගෙන – හේතු වූ සියල්ල ඇඟ පුරාම ලියාගෙන

නැන්දම්මාගෙන් සිදුවන හිරිහැර ඉවසාගත නොහැකිව සියදිවි හානිකරගත් විවාහක තරුණියක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ උත්තර් ප්‍රදේශ්හි බාග්පාට් ප්‍රදේශයේ පදිංචිව සිටි මනිෂා නැමැති 28 හැවිරිදි විවාහක තරුණියක්.

මෙම තරුණිය සියදිසි නසාගැනීමට පෙර පෑනකින් ඇගේ අත, කකුල් සහ බඩ මත සියදිවි නසාගැනීමට හේතුව ලියාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

තම සැමියා වන කුන්දන් සහ ඔහුගේ මව ඇතුළු පවුලේ අය විසින් දෑවැදි ඉල්ලා නිතර නිතර සිදුකරන හිරිහැර හේතුවෙන් තමන් මෙලෙස සියදිවි නසාගන්නා බවයි තරුණිය තම ශරීරයේ සඳහන් කරගෙන ඇත්තේ.

තම මරණයට කුන්දන් සහ ඔහුගේ පවුලේ අය වගකිව යුතුයි යනුවෙන් ඇය හින්දි භාෂාවෙන් සඳහන් කර ඇති බව ද සඳහන්.

මේ අතර මනීෂා ඇගේ මරණයට නැන්දම්මාට දොස් පවරන වීඩියෝවක් ද නිර්මාණය කර ඇති අතර, පොලිසිය සොයාගත් එම වීඩියෝවේ ඇගේ සැමියා, ඔහුගේ මව, පියා සහ සහෝදරයා දෑවැදි සම්බන්ධයෙන් ඇයට නිරන්තරයෙන් හිරිහැර කළ ආකාරය මනීෂා අඬමින් විස්තර කරන ආකාරය දැක්වෙනවා.

තරුණියට අනුව ඇගේ පවුලේ අය විවාහ මංගල්‍යය සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වියදම් කළත්, දැනටමත් දෑවැද්ද ලෙස යතුරුපැදියක් සැමියාට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ලබා දී තිබියදීත්, ඔවුන් නැවත නැවතත් ඇයගෙන් මෝටර් රථයක් සහ විශාල මුදලක් ඉල්ලා තමන්ට නිරන්තරයෙන් හිරිහැර කළ බවත් තරුණිය පවසා තිබෙනවා.

ඇය තවදුරටත් පවසා ඇත්තේ තම මාමණ්ඩියන් සහ සැමියා ඇයට පහර දුන් බවත්, ගබ්සාවක් කිරීමට පවා බල කළ බවයි.

දෑවැදි ඉල්ලීම්වලට ඇය යටත් නොවූ විට, මාමණ්ඩියන් විදුලි සැරවද්දා තමන්ව මරා දැමීමට උත්සාහ කළ බව ඇය පවසා තිබෙනවා.

මනීෂා 2023 දී නොයිඩා හි පදිංචි කුන්දන් සමඟ විවාහ වී ඇති අතර, පසුගිය අඟහරුවාදා ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54