නැතිවූ දුරකථනයක් සොයා ෆුජි කන්ද නැග්ග සිසුවා දෙවරක් බේරාගෙන

ජපානයේ උසම කඳු මුදුනවන ෆුජි කන්දේ රෝගාතුරව සිටි විශ්ව විද්‍යාල සිසුවෙකු බේරාගත් බව එරට පොලිසිය ඊයේ (27) තහවුරු කළා.

අවාරයේ ෆුජි කඳු මුදුන තරණය කරමින් සිටියදී බලධාරීන් විසින් එම සිසුවා බේරාගත් දෙවන අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ ජීවත් වන 27 හැවිරිදි මෙම චීන ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යයා, මුහුදු මට්ටමේ සිට මීටර් 3,000 කට වඩා ඉහළින් කන්දේ ෆුජිනෝමියා මංපෙතේ අතරමංව සිටිය දී පළමුව බේරාගෙන තිබුණා.

පසුගිය සතියේ අඟහරුවාදා හෙලිකොප්ටරයකින් මෙම සිසුවා බේරාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිසුවා එලෙස බේරා ගැනීමෙන් පසු, අස්ථානගත වූ තම ජංගම දුරකථනයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගැනීමට යළි ෆුජි කන්ද තරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා දහවල් තවත් කඳු නගින්නෙකුගෙන් පොලිසියට ඇමතුමක් ලැබී ඇත්තේ, ෆුජි කන්දේ කඳු නගින්නෙකු අසනීප වී ඇති බවයි.

පසුව ෂිසුඕකා ප්‍රාන්ත පොලිසියේ ගලවා ගැනීමේ නිලධාරීන් ශිෂ්‍යයාව බේරාගෙන පහලට ගෙන ඒමට ඊයේ දින සමත්ව තිබෙනවා.

මීටර් 3,776 ක් උස මෙම කන්දේ ඇති කටුක තත්වයන් නිසා මරණයට හෝ තුවාල වීමට ඇති අවදානම හේතුවෙන්, ජූලි මුල සිට සැප්තැම්බර් මුල දක්වා දිවෙන නිල කඳු නැගීමේ සමයෙන් පිටත පුද්ගලයින් කන්ද නැගීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11