නැගීඑන තරු අතර ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්ව යයි

2025 නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත අද (12) දිවයිනෙන් පිටත්ව ගියා.

දුනිත් වෙල්ලාලගේ නායකත්ව දරණ ශ්‍රී ලංකා සංචිතය, දිවයිනෙන් පිටත්ව ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුවයි.

කටාර් රාජ්‍යයේ දී පැවැත්වෙන නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 08ක් සහභාගී වනවා.

තරගාවලිය නොවැම්බර් 14 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වෙනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය

දුනිත් වෙල්ලාලගේ, විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත්, නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර, සොහාන් ලිවේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?