නාවික හමුදාපති තනතුරට වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා

ශ්‍රී ලංකාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත්කර තිබෙනවා.

ඒ, මෙතෙක් නාවික හමුදාපතිවරයා ලෙස අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එම තනතුරෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.

මේ අතර නව නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරාට, හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා චාරිත්‍රානුකූලව රාජකාරීන් භාරදීමට අද (18) දිනයේ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නාවික හමුදා මූලස්ථානයේ දී අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පුද කිරීමක් ද සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්