නාලක ගොඩහේවාට එරෙහි නඩුවේ තීන්දුවට දින නියම වෙයි

මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (05) නියම කළා.

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් “තාරුණ්‍යයට හෙටක්” සංවිධානයට ලබාදීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.

නඩුවේ විත්තිකරුවන් වන්නේ ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති හා හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා,එම කොමිෂමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධක්‍ෂක රොනී ඊබ්‍රාහිම් යන අයයි.