AFC Banner
Empty Ad

නායයාමකින් වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගය අවහිර වෙයි

නායයාමක් හේතුවෙන් වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

එම මාර්ගයට ලූණුවත්ත පොලීසිය අසලින් විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අද අලුයම් කාලයේ මෙම නායයාම සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?