‘නායක දිමුත්ගේ’ අවසන් ටෙස්ට් තරගය අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද (24) ආරම්භ වීමට නියමිතයි.

ගාල්ල ක්‍රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වන අතර, දෙරට අතර පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් හිමි වුණා.

අද ආරම්භවන තරගය සඳහා අයර්ලන්ත සංචිතය වෙනුවෙන් එම කණ්ඩායමේ උප නායක පෝල් ස්ටර්ලින් පසුගිය දා මෙරටට කැඳවා තිබුණා.

ඔහු මෙම තරගාවලියෙන් විවේක ගන්වා සිටි අතර, අද ආරම්භවන තරගය සඳහා ඔහු ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා වත්මන් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අවසන් ටෙස්ට් තරගය මෙය වීමද විශේෂත්වයක්.

අයර්ලන්තය සමඟ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත්වන බවට ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51