ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබෙනවා.
අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.













