නාගොඩ රෝහලේ වැඩක් නිසා පයාගල ගමක් නොසන්සුන් වෙයි

කොවිඩ් වෛරස ආසාදනය වූ මළ සිරුරක් ඥාතීන්ට භාරදීම හේතුවෙන් පයාගල ප්‍රදේශයේ මහගම්මැද්ද ගම්මානයේ ජනතාව මේ වන විට ලෙස දැඩි භීතියට පත්ව තිබෙනවා.

පසුගිය 18 වැනිදා පෙරවරුවේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් කාන්තාවක් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ රෝගී කාන්තාව ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහි ප්‍රතිඵල වලට අනුව ඇයට කොවිඩ් නොමැති බව තහවුරු කර ගෙන ඇත.

ඒ අනුව එම කාන්තාව නාගොඩ මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට පැය කිහිපයක් ඇය ප්‍රතිකාර ලබා ඇත.

කෙසේ වුවද එම කාන්තාව ඊයේ (19) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූ බව එම කාන්තාවගේ පවුලේ ඥාතීන් සඳහන් කර සිටින්නේ.

ඒ අනුව මියගිය කාන්තාවගේ මෘතදේහය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල පැමිණීමට පෙර රෝහල් බලධාරීන් විසින් දේහය ඥාතීන්ට භාරදී තිබේ. ඥාතීන් මල්ශාලාවක් වෙත භාරදීමෙන් අනතුරුව දේහය නිවසට රැගෙනවිත් තිබේ.

අනතුරු දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පවුලේ ඥාතීන් මෙන්ම පයාගල ප්‍රදේශයේ ගම්මාන කිහිපයකින් ජනතාව පැමිණ තිබේ.

මේ අතර අද (20) උදෑසනම රෝහල් බලධාරීන් විසින් මියගිය කාන්තාවගේ පී.සී.ආර්. වාර්තාවට අනුව ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇත. ඒ අනුව ඇයගේ දේහය යළි රෝහල භාරයට ගැනීමට පයාගල පොලීසිය, ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය නිලධාරීන් ද පැමිණ තිබේ.

එම අවස්ථාවේ පවුලේ ඥාතීන් මෙන්ම පයාගල මහගම්මැද්ද ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස කලබලයට පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබද දැන ගැනීමට අප කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මියගිය කාන්තාවගේ පී.සී.ආර්. වාර්තාවේ ප්‍රතිඵල ලැබීමට පෙර දේහය රෝහල විසින් ඥාතීන්ට භාරදී ඇති බවයි.
මියගිය කාන්තාවගේ නිවැසියන් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බව ද ඔහු පැවසුවේ.

එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද පස්වරු නාගොඩ රෝහල විසින් අදාහන කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ පවුලේ උදවිය සහ මහගම්මැද්ද ප්‍රදේශයේ ජනතාව පවසන්නේ රෝහල් නිලධාරීන්ගේ දැඩි නොසැලකිල්ල නිසා මෙවැනි තත්ත්වයක් උදා වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56