නාකි මනමාලයාට වුණු දේ

මේ පුවත වාර්තාවන්නේ අග නගරයේ පිහිටි රජයේ එක්තරා කාර්යාලයකි. එම කාර්යාලයේ සේවය කරන විවාහක මහතෙකු පුරුද්දක් වශයෙන් සිය නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට යන්නේ සිය කාර්යාලය අසල තිබෙන මහල් හයකින් සමන්විත රජයේ කාර්යාලයක ඉහළම මහලේ පිහිටි ආපන ශාලාව වෙතය.

මෙම කාර්යාලය අවට තිබෙන කාර්යාලවල සේවය කරන බොහෝ දෙනෙක් ද නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට මෙම ස්ථානයට පැමිණෙති. මේ සැම මෙම කැන්ටිම වෙතම පැමිණෙන්නේ එය හරිම සුන්දර ස්ථානයක් බැවිනි. කැන්ටිමට පැමිණි පසු කොළඹ නගරයෙන් භාගයක්ම මනාව දිස්වේ. හමන සුළඟ ද ගතට සිසිලකි. අපේ කථානායකයා හීන් මනමාලයෙක් බව කාර්යාලයේ බොහෝ දෙනෙක් දැන සිටියහ. දිවා ආහාරය ගැනීමට වෙනත් කාර්යාලයක සේවය කරන කාන්තා නිලධාරියන් කීප දෙනෙක්ද පැමිණෙන්නේ ඉහළම මාලයේ පිහිටි මෙම කැන්ටිම වෙතය.

අපේ කථානායකයා මේ නිලධාරිනියන් අතර සිටි ඇහට කනට පෙනෙන එක් නිලධාරිනියක් සමග ඇසුරට වැටුණි. කාලයක් යත්ම එම ඇසුර අනියම් සම්බන්ධතාවකට හැරුණි. දැන් දෙදෙනා දිවා ආහාරය ගන්නේ එකටය. යන්නෙ එන්නෙත් එකටය. මේ අනිසි සම්බන්ධය කාර්යාලයේ සෑහෙන පිරිසකට ද දැන ගන්නට ලැබුණි. ඒ බව අපේ කථානායකයාගේ බිරිඳගේද කන වැටුණි. ඇය ද කාර්යාලයක ලිපිකාරිණියකි. දිවා ආහාර වේලාවට ඇයද කැන්ටිම පිහිටි කාර්යාලය අසල රැඳී සිටියේ මේ හොරය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙනි. ඇගේ සැමියා වෙනත් කාන්තාවක සමග උකුලු මුකුලු පාමින් කැන්ටිම වෙත පිය නගනු ඇය දුටුවාය. යක්ෂාවේශයෙන් මෙන් සිය සැමියා සහ කාන්තාව වෙත එකවර කඩාපැන්න ඇය එම කාන්තාවට තම අත තිබූ කුඩයෙන් එළව එළවා පහර දෙන්නට වූයේ දෙනෝදාහක් බලා සිටියදීය.

සැමියාට කර කියා ගත හැකි කිසිවක් නොවීය. කුඩය රැගෙන ඔහු වෙත පැමිණි බිරිඳ මගේ සාරියක් නේද තමුසෙ අර ගෑනිට තෑගි කරල තියෙන්නෙ, ඒකත් ඇඳගෙන තමයි අද ඇවිත් තියෙන්නේ.

ලැජ්ජාවෙන් මිරිකී ගිය ඔහු තම කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ සිය බිරිඳගෙන් එක පිට එක වැඳුනු කුඩ පහරවලින් බේරීම පිණිසය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33