නළල් තලයෙන් කියැවෙන ස්ත්‍රී රහස්

නළල සිහින්ව අඩ සඳ සේ කලාත්මකව ඇත්නම් ඇය භාග්‍යවන්තය…නළල් තලයේ පිහිටීම තුළින් ගැහැණියකගේ වතගොත.

කාන්තාවකගේ මුහුණට පියකරු බවක් ගෙන දෙන නළල් තලයේ පිහිටීම පිළිබඳව සොයා බැලීමේදී ඒ තුළින් ඇගේ ගතිගුණ හෙළිකර ගත හැකිය. ඒ අනුව අද අප සිරුරේ භාෂාව ඔස්සේ නළල් තලයේ පිහිටීම අනුව හෙළිවන කාන්තාවකගේ සැබෑ ගතිගුණ පිළිබඳ අප්‍රකට සැඟවුණ අදහස් එළිදක්වා ගනිමු.

නළල සිහින්ව අඩ සඳ සේ කලාත්මකව ඇත්නම් ඇය භාග්‍යවන්තය.

බොහෝ සැප සම්පත් විඳිනු ඇත. තරුණ වියට පාතබත්ම ආදරය සෙනෙහස ප්‍රේමයේ උත්තරීතර තත්ත්වය වූ යුග දිවියට ඇතුළත් වේ.

අටවක සඳ සේ හැඩයක අනුරූපක වේ නම්, රෝම රහිත නම් ඇය දුප්පත් දුගී පැලක උපත ලැබුවත් කල්යාමේදී උසස් සැප ලබන්නීය. වාසනාවන්ත විවාහයකට හිමිකම් කියයි.

දරු සම්පත්වලින් පිරිපුන්ය.

අඟල් තුනක් ඉක්ම නොවූ නළල ඇත්නම් ජීවිතයේ සතුට ලබයි. රෝගාබාධ අඩුය. සැපවත් වේ. ධනය, සම්පත් ලැබීමේ වාසනාව උරුමය.

පළල් නළලක් හිමි නම් ඇය රාජ්‍ය තනතුරු ලබයි. උසස් සමාජ තලයකට පිවිසේ.ජනතාව අතර කීර්තිය ඇති වේ.ජනප්‍රියත්වය හිමි වේ. ප්‍රසිද්ධ වේ. භාග්‍යවත් භවේ සංකේතයකි. නමුත් සිය අණසක පැතිරයාමේ මානසිකත්වයක්ද ඇය සතුයි.

පළල් නළල මත ස්වස්තික ලකුණක් පිහිටා ඇත්නම් ඇය වාසනාවේ දෙව්දුවකි. රාජ්‍ය තනතුරු ලබයි. ධනය ලැබේ. සම්පත්කාරක වේ. උසස් දිවියක් ගත කරයි. ජනතාවගේ ආකර්ෂණය ඇතිවේ. ගැහැනියකට පිහිටිය යුතුම නළල්තලාවකි.

නළල පුරාම රැලි වැටී නහර ඉලිප්පී ඇත්නම් දුක් විඳින අයකු වේ.සැපය අඩුයි. විවාහය ද එතරම් සුබදායක නොවේ. නිරන්තර දුක් කරදරවලට මුහුණ පෑමට ලක්වේ. ජීවිතය තෘප්තිමත් නොවෙයි.

කාලවර්ණයෙන්, ඉන්නන් හා කළු ලප ඇත්නම් එය ඉතාම අසුබයි. සැමියාට හොඳ නැත. මහන්සියේ තරමට ප්‍රතිඵල නැත. රෝග කරවයි. දුකට පත්වේ. සැප සම්පත් හීනයි.

නළල උස්ව ඝනව එබී ගියේ නම් ඉතා අශුභයි. විවාහය කඩා බිඳ වැටේ. මායාකාරී චරිතයකි.

ජීවිතය අසුබ පැත්තට හරවා ගනී. සැපය ඉතාම හීනයි. වංක චරිතයකි.

නළලතේ දකුණු පස කළු ලපයක් පිහිටා ඇත්නම් ඇය චරිතය කිළිටිකර ගන්නියක විය හැකිය.

පතිභක්තියක් ඇත්තේම නැත. අයථා සබඳතා ඇතිකර ගනී. යුග දිවිය කඩා වැටී අන්ත අසරණ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත.

වක්‍ර ක්‍රමවත්ව දිගින් යුත් නළලක් වේ නම් ඇය ඉතාම යහපත් වේ. උසස් තනතුරු හොබවයි.

නායකත්වය හිමියි. සම්මානනීය වේ. ප්‍රභූ ඇසුර ලැබේ.

ත්‍රිකෝණාකාර අධිකව රෝම ඇති කියඹුවැල කේඩෑරි වී ගිය නළලක් යන මේ සියල්ල ඇත්නම් අවාසනාවේ ලකුණකි.

ධනය නැතිවේ.

සම්පත් අහිමි වේ. කිසිඳු සතුටක් හිමි නොවෙයි. විෂ සහිත කාන්තාවකි.

ඉදිරියට නෙරා ආ නළල බුද්ධිමත් වූත් කපටි වූත් බව කියා පායි.

ආත්මාර්ථකාමියි. සැක සහිතය. විශ්වාස කළ නොහැක්කියකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57