නව විදේශ තානාපතිවරු 05 සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙති (ඡායාරූප)

ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස්දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්නා.

මෙහි විශේෂත්වයක් වන්නේ, ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසකස්තාන ජනරජයේ තානාපති කාර්යාලයට අදාළ තානාපතිවරයා ලෙස පත්ව සිටින සර්ගෙයි වික්ටරොව් ද අක්තපත්‍ර භාර දුන් රාජතාන්ත්‍රිකයින් අතර වීමයි.

ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් විවෘත කළ පළමු මධ්‍යම ආසියානු රට වන්නේ ද කසකස්තානයයි.

ඊට අමතරව එරිත්‍රියා රාජ්‍යය, උස්බෙකිස්තාන ජනරජය, ජෝර්දානයේ හෂෙමයිට් රාජධානිය, භූතාන රාජධානිය සඳහා නව තානාපතිවරුද, ෆිජි ජනරජය වෙනුවෙන් නව මහ කොමසාරිවරයෙක්ද මෙලෙස පත්ව සිටිනවා.

අද දින අක්තපත්‍ර භාර දුන් තානාපතිවරුන්ගේ සහ මහ කොමසාරිස්වරයාගේ නාම ලේඛනය,

  1. අලෙම් වෝල්ඩෙමරියම් (Mr. Alem Woldemariam) – නවදිල්ලියේ නේවාසික එරිත්‍රියා රාජ්‍යයේ තානාපති
  2. ජග්න්නාත් සාමි (Mr. Jagnnath Sami) – නවදිල්ලියේ නේවාසික ෆිජි ජනරජයේ මහ කොමසාරිස්
  3. අලිෂෙර් ටුක්ටායෙව් (Mr. Alisher Tukhtaev) – ඉස්ලාමාබාද්හි නේවාසික උස්බෙකිස්තාන ජනරජයේ තානාපති
  4. යූසෙෆ් මුස්තාෆා අබ්ඩෙල්ඝානි (Mr. Yousef Mustafa Abdelghani) – නවදිල්ලියේ නේවාසික ජෝර්දාන රාජධානියේ තානාපති
  5. සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) – කොළඹ නේවාසික කසකස්තාන ජනරජයේ තානාපති
  6. ඩාෂෝ කර්මා හාමු ඩෝර්ජී (Ms. Dasho Karma Hamu Dorjee) – ඩකා නගරයේ නේවාසික භූතාන රාජධානියේ තානාපති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37