නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමේ වැඩසටහනක් ජනවාරියේ සිට

නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව 25.11.2025 වන දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙවර අයවැයෙන් නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය ලබාදීම සඳහා රුපියල් මිලියන අසූ දහසක් වෙන්කර ඇති බවත් එම මුදල ඵලදායී ලෙස නව ව්‍යවසායකයින්ට ලබාදීම උදෙසා මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පැවසුවා.

එමෙන්ම මෙම ණය පහසුකම් කුමන අංශ සඳහා ලබාදෙන්නේ ද සහ අදාළ ණය ලබාදීමේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක්ද ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

තවද මෙරට සියලුම කර්මාන්තකරුවන්ගේ තොරතුරු එක පද්ධතියකට රැස් කිරීම සඳහා කර්මාන්තකරුවන් සඳහා වූ ජාතික දත්ත පද්ධතියක් ආරම්භ කර ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසුවා.

ඒ, අනුව එම දත්ත පද්ධතියේ ලියාපදිංචිවීම සඳහා සියලුම ව්‍යවසායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු සිදුකරන බවත්, එම දත්ත පද්ධතියේ ලියාපදිංචිවීම ඔස්සේ එම ව්‍යවසායකයින්ට පහසුවෙන් අවශ්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව පවතින බව මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළා.

තවද ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වූ ශිල්පීන්ට ඇප රහිත ණය පහසුකම් ලබාදීම පිළිබඳවද කාරක සභාවේදී අදහස් පළ වුණා.

එමෙන්ම වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද එම කර්මාන්ත ශාලාවේ ප්‍රධානීහු කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව කර්මාන්ත ශාලාවේ පැවති අඩු පාඩු සකස් කර මෙතෙක් මාසිකව පවතින මෙට්‍රික් ටොන් 150-180 අතර නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 400 දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබී ඇති බව එම නිලධාරීහු අදහස් දක්වමින් පැවැසුවා.

තවද මෙරට කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ජාතික උපදේශන මාලාව පිළිබඳව ද කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කරුණු ඉදිරිපත් කළා.

දැනට ව්‍යාකූල මට්ටමින් ක්‍රියාත්මක වන කැණීම් බලපත්‍ර ලබාදීම වඩාත් ක්‍රමවත්ව ලබාදීම අරමුණු කරගනිමින් ලබන ජනවාරි මාසයේදී එම උපදේශන මාලාව හඳුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26