නව බදු ප්රතිසංස්කරණ යටතේ අය කෙරෙන උපයන විට ගෙවීමේ බද්දෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය මාස 03 ඇතුළත ලැබුණු රුපියල් කෝටි 694 ඉක්මවන ආදායමෙන් රුපියල් කෝටි 36ක අඩුවක් පෙන්නුම් කරන බව දෙපාර්තමේන්තු අභ්යන්තර ආරංචි මාර්ග පවසනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිඝනක දත්ත පද්ධතිය තුළ මෙම හිඟය පෙන්නුම් කරන බවයි එම තොරතුරු පවසන්නේ.
රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායම් ලබන පුද්ගලයන්ගෙන් උපයන විට අය කෙරෙන බදු ලෙස පසුගිය ජනවාරි සිට මාර්තු 31 වන දා දක්වා මෙසේ රුපියල් කෝටි 694කට වැඩි ආදායමක් උපාය ඇති නමුත් දත්ත පද්දතිය තුළ පෙන්වන මුදල රුපියල් කෝටි 658.3ක් බව අනාවරණය වනවා.
රජය උපයන විට බදු අය කර ගැනීම මගින් ඇස්තමේන්තු කරන ලද ආදායම සම්පූර්ණ කරන ලද නමුත් සමස්ත බදු මුදල් ගණනය කිරීමේදී රුපියල් කෝටි 36ක අඩුවක් පෙන්වීම විමතියට කාරණයක් බව දෙපාර්තමේන්තු සේවකයින් පවසනවා.
