නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නෛන තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර්, කතානායකවරයා ඉදිරියේ අද (05) දිවුරුම් දෙනු ලැබුවා.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් පසුගිය දා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මන්ත්‍රී අසුනක් පුරප්පාඩුව පැවතියා.