spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව පත්කිරීම් 6ක් සඳහා අනුමතිය

අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 6ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ඩී.එන්.ආර්. අශෝක මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබෙනවා.

එසේම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කේ.ඩී. සෙනෙවිරත්න මහත්මියගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇති බවයි මහ ලේකම්වරිය සඳහන් කළේ. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස සී.ආර්.බී. බෝගොල්ලාගම මහතාගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබෙනවා.

සිංගප්පූරු වේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ඩී.ඩී.එම්.එස්.බී. දිසානායක මහතාගේ පත්වීමට ද, බෙල්ජියමේ සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඩබ්ලිව්.කේ.සී. වීරසේන මහතාගේ පත්වීමට ද, සී/ස ලංකා පෙහොර සමාගමේ සභාපතිවරයා ලෙස ආචාර්ය බී.කේ.ජේ.කේ. පෙරේරා මහතාගේ පත්වීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිවී තිබෙනවා.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?