නව තානාපතිවරු දසදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු දසදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම අක්ත පත්‍ර භාරදීම සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ලැට්වියාව, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම්, ජිබුටි, ඇංගෝලා, ෆින්ලන්තය, වෙනිසුවේලාව සහ නෝර්වේ යන රාජ්‍යයන් සඳහා මෙලෙස නව තානාපතිවරු පත්ව තිබෙනවා.