නව ජපන් අගමැති ෂිගෙරු ඉෂිබා – අද හවස පළමු මාධ්‍ය හමුවත්

ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) පත් ව තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; අද (01) පෙරවරුවේ නව අග්‍රාමාත්‍යවරයා පත් වූ බවත් ඔවුන්ගේ නව කැබිනට් මණ්ඩලය ද එළිදැක්වුණු බවයි.

ජපානයේ දේශපාලනික අර්බුදයක් ඇති ව තිබෙන පසුබිමක දී ඔක්තෝබර් 27 ඔවුන් හදිසි මැතිවරණයකට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටියදී නව අග්‍රාමාත්‍යවරයෙකුගේ ආගමනය සිදු වීම ද විශේෂ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සතියේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට (එල්ඩීපී) නායකත්වය දීම සඳහා දැවැන්ත සටනකින් අනතුරුව ජයග්‍රහණය කළ 67 හැවිරිදි හිටපු ජපන් ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුව විසින් නව අගමැති ලෙස තහවුරු කළා.

ඔහු සිය පළමු මාධ්‍ය හමුව අද සවස ටෝකියෝහි දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28