නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ.
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (09) රාත්රී 9 සිට පෙබරවාරි මස 12 වන දා අලුයම 5 දක්වා කටුනායක සිට කැලණි පාලමට ඇතුළු වී වරාය දෙසට ගමන් කරන මංතීරුව පමණක් ඉහත දිනවල වසා තැබෙන බව සදහන්
ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැලණි පාලමට ඇතුළු වී වරාය පිවිසුම පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කරනු ඇත.
