නව අයවැය එක් ඡන්දයකින් පරාදයි

යාපනය වැල්වැටිතුරෙයි නගරසභාවේ 2022 වසර සඳහා වූ නව අයවැය එක් ඡන්දයකින් ඊයේ (17) දින පරාජයට පත්වීම හේතුවෙන් නැවත එය දින 14 කින් සංසෝධනය කොට ඉදිරිපත් කිරීමට සිදුව ඇත.

වැල්වැටිතුරේයි නගරසභාවේ හිටපු නගරාධිපති වූ කෝනලිංගම් කරුනානන්දරාසා මහතා පසුගිය අගෝස්තු 11 වනදා කොවිඩ් ආසාදනය වී මිය යාමෙන් අනතුරුව ස්වාධීන අපෙක්ෂකයෙකු වූ එස්.සෙල්වේන්ද්‍ර මහතා පසුගිය සැප්තම්බර් මස 22 වනදා නගරාධිපති වශයෙන් පත්වී මාස දෙකක් ගතවීමට මත්තෙන් ඉදිරිපත් කළ පළමු අයවැය මෙලෙස පරාජයට පත් විය.

මේ අනුව වැල්ලවෙටිතුරේයි නගරසභාවේ නව අයවැය වෙනුවෙන් පක්ෂව ඡන්ද 08 ක්ද විපක්ෂව ඡන්ද 09 ක් ලැබීම හේතුවෙන් එක් ඡන්දයකින් පරාජයට පත්විය.

එහිදී පක්ෂව ස්වාධීන පක්ෂ ඡනද 4 , ඊ.පී.ඩී.පී. පක්ෂයෙන් ඡන්ද 2, දෙමළ එක්සත් විමුක්ති පෙරමුනෙන් ඡන්ද 1ක් සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද 1 වශයෙන් ඡන්ද 08 ක්ද විපක්ෂව දෙමළ ජාතික සන්ධානයෙන් ඡනද 07 ක් දෙමළ ජාතික ජනතා පෙරමුනෙන් ඡන්ද 02 ක් වශයෙන් ඡන්ද 09 ක් ප්‍රකාශ කොට තිබුණි.

අයවැය දෙවනවරට ඉදිරිපත් කිරීමේදීද පරාජයට පත් වුවහොත් නවසභාපති තනතුර අහිමි වීමේ අවධානමක්ද පවතියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39