නව අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙකුට අනුමැති හිමිවෙයි

නව අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.පී. සේනාධීර සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර යන අයගේ පත්වීම් කාරක සභාව විසින් අනුමත කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම හලාවත වැවිලි සමාගමේ සභාපති ලෙස චන්දන දිසානායක පත් කිරීමට ද උසස් තනතුරු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් ඊයේ (21) දිනයේ රැස්වුණා.