නව අධ්‍යාපන ක්‍රමය සැකසීමේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවලිනුත් අදහස් – ජනපති

21 වැනි ශත වර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ලබා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එසේම ඉදිරි සති දෙක තුළ පත් කිරීමට නියමිත දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ ‍නව කොමිසමට ද ශිෂ්‍ය පාර්ලිමේන්තුවල අදහස් හා යෝජනා ලබා දිය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ශිෂ්‍යාවක විසින් නඟන ලද පැනයකට පිළිතුරු දෙමින්.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 140 දෙනෙකු පමණ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවට එක්ව සිටි අතර අනතුරුව පිරිස ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට එක් වුණා.

ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය මෙන්ම මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය ඇතුළුව කාර්ය භාරය පිළිබඳ මෙහිදී සිසුන් වෙත පැහැදිලි කළ ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට ද පිළිතුරු ලබා දීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඉදිරියේ දී අවම වශයෙන් නව විශ්ව විද්‍යාල 10ක් පමණ මෙරට ආරම්භ කිරීමට අදහස් කරන අතර ශිෂ්‍ය ණය පහසුකම හරහා එංගලන්තය, අමෙරිකාව වැනි රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ද අවස්ථාව ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

සිසුන්ට තම අනාගතය සැලසුම් කර ගැනීම සඳහා අවශ්‍ය විෂය ක්ෂේත්‍ර තෝරා ගැනීමේ අවස්ථාව එම විශ්වවිද්‍යාල හරහා ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කියාසිටියේ නව තාක්ෂණික විද්‍යාපීඨ ආරම්භ කිරීම ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි.

විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ද මෙහිදී සිසුන්ගෙන් විමසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක, අගමැති, විපක්ෂ නායක ඇතුළු නිල තල පත් කර ගැනීමෙන් පසු මෙරට පළමු පාර්ලිමේන්තුව රැස් වූ වත්මන් ජනාධිපති කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී රැස්වීමක් පැවැත්වීමට ද ඔවුන්ට ආරාධනා කර තිබෙනවා.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ මීට පෙර කණ්ඩායමේ සිසුන් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටි අතර තමන්ට හිමි නොවූ මෙම අවස්ථාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබා දීම පිළිබඳව ඔවුන් ස්තූතිය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44