නවසීලන්ත ප්‍රබලයින් රැසක් ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියෙන් හැලෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට එක්වන නවසීලන්ත එක්දින සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට මේ වනවිට දක්ෂතා අතර සිටින නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්කර නොතිබීම විශේෂත්වයක්.

ටොම් ලේතම් විසින් මෙම සංචිතයට නායකත්වය ලබාදෙන අතර, කේන් විලියම්සන්, ටිම් සවුති, ඩෙවොන් කොන්වේ, මිචෙල් සැන්ට්නර් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙම සංචිතයට එක්කර නැහැ.

මෙම එක්දින තරගාවලිය ආරම්භවන කාල සීමාව තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවීම හේතුවෙන් ඔවුන් එම තරගාවලියට නිදහස් කිරීමට මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

නවසීලන්ත සංචිතයට නම්කර ඇති ෆින් ඇලන්, ලොකී ෆර්ගියුසන් සහ ග්ලෙන් ෆිලිප්ස් මාර්තු 25 වැනිදා ඊඩ්න් පාර්ක්හි පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන අතර, පසුව ඔවුන් අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව බලා පියාසර කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එක්දින තරගාවලියට නම් කළ නවසීලන්ත සංචිතය පහතින්.

ටොම් ලේතම් (නායක), ෆින් ඇලන්, ටොම් බ්ලන්ඩෙල්, චැඩ් බෝව්ස්, මයිකල් බ්‍රේස්වෙල්, මාර්ක් චැප්මන්, ලොකී ෆර්ගසන්, මැට් හෙන්රි, බෙන් ලිස්ටර්, ඩැරල් මිචෙල්, හෙන්රි නිකොල්ස්, ග්ලෙන් ෆිලිප්ස්, හෙන්රි ෂිප්ලි, ඉෂ් සෝදි, බ්ලෙයාර් ටිකනර්, විල් යං



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42