spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්ත නායකයාට ලෝක කුසලානයේ පළමු තරගයම අහිමිවෙයි

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ ආරම්භක තරගය ලෙස ලබන 05 වනදා පසුගියවර ශූරයින් සහ අනුශූරයින්වන එංගලන්තය සහ නවසීලන්තය එකිනෙකා මුණගැසීමට නියමිතයි.

මෙම තරගය නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

දණහිසේ ආබාධයකට ලක්ව සිට සුවය ලැබීමෙන් පසු නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට නායකයා ලෙස කේන් විලියම්සන් එක් වුණා.

කෙසේ වෙතත් ඔහුගේ සම්පූර්ණ සුවය සහතික කිරීම සඳහා ලබන 05 වනදා වන විට නොහැකිවීම හේතුවෙන් ඔහු එම තරගයට එක් නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව එම තරගයේ දී කඩුලු රකින ක්‍රීඩක ටොම් ලේතම් නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර විලියම්සන් අද (29) හයිද්‍රාබාද්හි දී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පෙරහුරු තරගයේ දී පිතිකරුවෙක් ලෙස පමණක් ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?