නවසීලන්ත අගමැතිනිය ධුරය හැර යාමේ තීරණයක

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

සිය ඉල්ලා අස්වීම ගැන දැනුම් දෙමින් 42 ආර්ඩර්න් පැවසුවේ ගිම්හාන විවේකයේ දී තමන්ගේ අනාගතය ගැන සලකා බැලීමට කාලය ගත වූ බවයි.

වසර 06ක අභියෝගාත්මක කාලයත් ගත වූ බවත් ඇය මෙහිදී පවසා තිබෙනවා.

ඇයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පදුවන නවසීලන්ත අගමැති තනතුර සඳහා වෙනත් සුදුස්සෙකු තීරණය කිරීම සඳහා ඉදිරි දිනවල දී ඡන්දයක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ජසින්ඩා ආර්ඩන්ගේ ධූර කාලය පෙබරවාරි 07න් පසුව අවසන් වන අතර මහ මැතිවරණයක් ඔක්තෝබර් 14 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

ඉදිරි මැතිවරණයේදී කම්කරු පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ආර්ඩර්න් ප්‍රකාශ කළා.

මේ අතර, මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන නවසීලන්ත නියෝජ්‍ය අගමැති ග්‍රාන්ට් රොබට්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මීළඟ කම්කරු නායකයා ලෙස පෙනී සිටීමට උත්සාහ නොකරන බවයි.

ජසින්ඩා ආර්ඩර්න් 2017 වර්ෂයේ දී නවසීලන්තයේ අගමැති ලෙස තේරී පත් වූ විට ඇයගේ වයස අවුරුදු 37ක්.

ඒ වනවිට ඇය සැලකුවේ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20