නවසීලන්තය සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිත මෙන්න

නවසීලන්ත තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත මේ මේ වනවිට නම්කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම සංචිත තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

මෙම සංචිත සඳහා ආබාධයන්ට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ කුසල් ජනිත් පෙරේරා එක්කර තිබෙනවා.

ඒ, අනුව එක්දින සහ විස්සයි විස්ස සංචිත සඳහා නම්කර ඇති ක්‍රීඩකයින් වන්නේ,

පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, නුවනිදු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මධුශංක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුසල් ජනිත්, ලසිත් කෲස්පුල්ලේ, මතීෂ පතිරණ

මේ අතර එක්දින තරගාවලිය සඳහා පමණක් ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ සහ ප්‍රමෝද් මධුෂාන් නම්කර ඇති අතර, කුසල් ජනිත්, ලසිත් කෲස්පුල්ලේ, මතීෂ පතිරණ නම්කර ඇත්තේ විස්සයි විස්ස තරගාවලිය සඳහා පමණයි.

කෙසේ වෙතත් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට මෙම සංචිත දෙකෙන් එක් සංචිතයක හෝ අවස්ථාවක් හිමිව නොමැතිවීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58