spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තය සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිත මෙන්න

නවසීලන්ත තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිත මේ මේ වනවිට නම්කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම සංචිත තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

මෙම සංචිත සඳහා ආබාධයන්ට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ කුසල් ජනිත් පෙරේරා එක්කර තිබෙනවා.

ඒ, අනුව එක්දින සහ විස්සයි විස්ස සංචිත සඳහා නම්කර ඇති ක්‍රීඩකයින් වන්නේ,

පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, නුවනිදු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මධුශංක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කුසල් ජනිත්, ලසිත් කෲස්පුල්ලේ, මතීෂ පතිරණ

මේ අතර එක්දින තරගාවලිය සඳහා පමණක් ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ සහ ප්‍රමෝද් මධුෂාන් නම්කර ඇති අතර, කුසල් ජනිත්, ලසිත් කෲස්පුල්ලේ, මතීෂ පතිරණ නම්කර ඇත්තේ විස්සයි විස්ස තරගාවලිය සඳහා පමණයි.

කෙසේ වෙතත් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට මෙම සංචිත දෙකෙන් එක් සංචිතයක හෝ අවස්ථාවක් හිමිව නොමැතිවීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?