නවසීලන්තයෙන් අභියෝගාත්මක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියල්ලන් දැවී ලකුණු 274ක්.

එහිදී නවසීලන්තය වෙනුවෙන් ෆින් ඇලන් ලකුණු 51ක් රැස්කළ අතර, ඩැරල් මිචෙල් ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුණා.

නවසීලන්තය වෙනුවෙන් අද දිනයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් ඉන්දීය සම්භවයක් ඇති රචින් රවීන්ද්‍ර ලකුණු 49ක් රැස්කරමින් ඉනිම ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට අද හැකියාව ලැබුණා.

එහිදී ඔහු පන්දුවාර 09ක් යවා ලකුණු 43කට ප්‍රතිවාදීන්ගේ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

නවසීලන්ත ඉනිමේ දැවීගිය පිතිකරුවන්ගෙන් සියලු දෙනාම උඩපන්දු ලබදී දැවීයාම විශේෂත්වයක්.

මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පන්දු 300ක් තුළ හිමිව ඇති ඉලක්කය ලකුණු 275ක්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන 100 වන එක්දින තරගය මෙය වීම ද විශේෂත්වයක්.

මේ දක්වා පැවති තරග 99න් තරග 41ක් ශ්‍රී ලංකා කණ්ඩායමත් තරග 47ක ජය නවසීලන්ත කණ්ඩායමත් හිමිකරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39