නවය වසරේ සිසුවා ජංගම දුරකථන අලෙවිසැලකට සුද්දයක් දීලා

ජංගම දුරකථන අලෙවිසැලක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා ජංගම දුරකථන හතරක් සොරාගත් පාසල් සිසුවෙක් අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි ජංගම දුරකථන අලෙවිසැලට වහළයෙන් ඇතුළු වී ඇති සිසුවා මෙම සොරකම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දර්ගා නගරයේ පිහිටි ඥාති නිවසක පදිංචිව සිටි ඇති සැකකාර සිසුවා වෙළඳසැලේ වහළයට ඊයේ (09) අලුයම් කාලයේ නැග එහි සෙවිලි තහඩුවක් ඉවත්කර සිවිලිම කඩා කඹයක් ආධාරයෙන් වෙළඳසැල තුළට ඇතුළු වී තිබෙනවා.

එලෙස ඇතුළුවීමෙන් පසු ඔහු වෙළඳසැලේ ආරක්‍ෂිත කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

සොරකම සම්බන්ධයෙන් වෙළඳසැල් හිමියන් පොලිසියට පැමිණලි කිරීමෙන්වි පසු මර්ශන අරඹා ඇති පොලිසිය අවට ආරක්‍ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකාර සිසුවා හඳුනාගැනීමට හැකිව තිබෙනවා.

මොහු සොරකම සිදුකිරීමට පෙර දිනයේ දී වෙළඳසැලට පැමිණ ඔහුගේ දුරකථනයකට දුරකථන යෙදවුමක් ලියාපංචි කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී තමන්ට නව ජංගම දුරකථනයක් මිල දී ගැනීමට අවශ්‍ය බවත් දින දෙකකින් එම ජංගම දුරකථනය මිලදී ගැනීමට පැමිණෙන බවට වෙළඳසැලේ හිමිකරුට පවසා ඇති බව සඳහන්.

සැකකාර බාලවයස්කරුවා හඳුනා ගැනීමෙන් ඔසු ඔහු රැඳී සිටින නිවස පරීක්ෂා කිරීමේ දී සොරාගත් බව කියන වටිනා ජංගම දුරකථන හතරක් නින්ද කාමරයේ සඟවා තිබිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

අනතුරුව සැකකර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14