spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවක වද සිද්ධියට සැක සිසුන් තිදෙනා අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිසු සිසුවියන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සිසුන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැක සිසුන් තිදෙනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සමඟ පේරාදෙණිය පොලීසිය වෙත පැමිණ භාරවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.24 හැවිරිදි වියේ පසුවන සැකකාර සිසුන් තිදෙනා තල්එළිය, අම්බලන්ගොඩ, සහ තුම්මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් 

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?