spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නයිජීරියානු ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම

කොකේන් ග්‍රෑම් 245කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

2016 වසරේ මැයි මස 27 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම විත්තිකාර නයිජීරියා ජාතිකයා කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 744ක් සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දී තිබුණේ එහි අන්තර්ගත ශුද්ධ කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 245.19ක් පමණක් බවයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා.

විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ තමන් මෙම වරද සිදු නොකළ බවයි.

එම කරුණ ද සටහන් කරගත් මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව විත්තිකරුට මරණ දඬුවම නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?