spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිධාන් හැරිමට ගිය සංවිධානාත්මක කණ්ඩායමක් අල්ලයි

නිධන් හෑරීමට පැමිණි බවට සැකපිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දහදෙනෙකගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක්  කොකාවැව එල්ලුම්ගස් යාය හන්දිය මාර්ග බාධකයේ දී ඊයෙ(13) අළුයම අත්අඩංගුට ගත් බව කොකාවැව පොලිසිය කියයි

 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීලුෂ රුවන් ජයවර්ධන මහතාට ලැබුන තොරතුරකට අනුව  අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල පදිංචි සැකකරුවන් දෙදෙනෙකු සහ, බුත්තල,මාලිගාවල,ඔක්කම්පිටිය,කටුබැද්ද මොරටුව,හෝමාගම, හම්බන්තොට, රත්නපුර,ලෙල්ල පිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු විසි හතත් පනස් තුනත් යන වයස් සීමාවන් වල පසු වූවන් දස දෙනෙකි.

පොලීසිය පවසන්නේ කාර් රථයකින් කොළඹ බලා යමින් සිටියදී සැකකරුවන්ගෙන් පස් දෙනෙකු එල්ලුම්ගස්යාය හන්දියේ මාර්ග බාධකයේදී අළුයම දොළහට පමණ මුලින්ම අත්අඩංගුවට ගත් බව ය. පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අනෙක් සැකකරුවන් පස්දෙනා දුටුවැව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් අළුයම එකට පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

 අත්අඩංගුවට ගන්නා මොහොතේ සැකකරුවන්ගේ ජංගම දුරකථන වල ප්‍රදේශයේ පිහිටි ගල්කණු ,සහ විවිධ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන වල ඡායාරූප රාශියක් තිබුණ බවත් එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකකරුවන් නිධාන් හෑරිමට පැමිණි බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

ගලෙන්බිඳුණුවැව දුටුවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සැකකරුවන් ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පවසන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ද ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක බව කියයි.

  සැකකරුවන් ඊයෙ(13) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීලුෂ රුවන් ජයවර්ධන, උප පොලිස් පරීක්ෂක පෙරේරා,සැරයන්(12751) උඩුකුඹුර,(24715) මුණසිංහ, කොස්තාපල් (68625) චින්තක,(95006) වාසලසේන(95028) දිසානායක යන නිලධාරින් ඉදිරි පරීක්ෂණ සිදු කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?