spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ මෙම කාන්තාවට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර ඇති අතර ඒ පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ විසින්.

සියලු ආගම්වලට අපහාස කරන මෙම කාන්තාව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි පැමිණිලි පාර්ශව සඳහන් කළේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවල දැක්වෙන්නේ මෙම කාන්තාව තම ඉදිරිපත් කිරීම ආරම්භයේ සිටම බෞද්ධ ආගමට, කිතුණු ආගමට හා ඉස්ලාම් ආගමට අපහාස කරමින් නරඹන්නන් සිනහා ගැන්වීමට කටයුතු කරන ආකාරයයි.

ප්‍රේක්ෂකාගාරය ද ඊට ප්‍රතිචාර දක්වන්නේ හාඬ නගා සිනහා වෙමින්. මෙම කාන්තාව තම ඉදිරිපත් කිරීම ඔස්සේ බෞද්ධ පාසල් ද ප්‍රසිද්ධියේ බරපතළ ලෙස විවේචනය කරනවා.

අදාළ කාන්තාව සහ ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා සමාජ මාධ්‍යය ඔස්සේ ඊයේ (26) පැවසුවේ, එම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

කෙසේවෙතත් මෙවැනි ප්‍රකාශ සිදුකර පසුව සමාජයෙන් විරෝධතා මතුවෙද්දී සමාව ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව පවසමින් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර මෝඩාභිමානය නමින් සංවිධාන කර තිබූ මෙම වැඩසටහන සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශණ කටයුතු සිදු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
9
+1
88
+1
10
+1
14
+1
11
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?