spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නඩු භාණ්ඩයක් ලෙස පොලිසියේ තිබ්බ යතුරුපැදිය කොස්තාපල් විකුණලා

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිසියේ නවතා තිබූ යතුරුපැදියක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අලෙවි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයාගේ වැඩතහනම් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා රුපියල් 10,000ක මුදලක භාණ්ඩයක් වශයෙන් පොලිස් භාරයේ තිබූ යතුරුපැදිය අලෙවිකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා එය උපයෝගි කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරකට අනුව ඔහු මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළිව තිබෙනවා.

රුපියල් 10,000ක මුදලකට කොස්තාපල්වරයා යතුරුපැදිය තමන්ට අලෙවි කළ බවත්, පසුව ලොරි රථයක් රැගෙනවිත් යතුරුපැදිය රැගෙන ගිය බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

රථවාහන නඩුවකට අදාළව නිවසක සඟවා තිබිය දී යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත්තේ පසුගිය 08 වන දිනයි.

මිරිහාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?