නඩු භාණ්ඩයක් ලෙස පොලිසියේ තිබ්බ යතුරුපැදිය කොස්තාපල් විකුණලා

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිසියේ නවතා තිබූ යතුරුපැදියක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අලෙවි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයාගේ වැඩතහනම් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා රුපියල් 10,000ක මුදලක භාණ්ඩයක් වශයෙන් පොලිස් භාරයේ තිබූ යතුරුපැදිය අලෙවිකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදිය රැගෙන ගිය පුද්ගලයා එය උපයෝගි කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරකට අනුව ඔහු මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළිව තිබෙනවා.

රුපියල් 10,000ක මුදලකට කොස්තාපල්වරයා යතුරුපැදිය තමන්ට අලෙවි කළ බවත්, පසුව ලොරි රථයක් රැගෙනවිත් යතුරුපැදිය රැගෙන ගිය බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

රථවාහන නඩුවකට අදාළව නිවසක සඟවා තිබිය දී යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත්තේ පසුගිය 08 වන දිනයි.

මිරිහාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11