spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

”නකල්ස්” නගිනවානම් නිසි අවසර ගත යුතුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පූර්ව අනුමැතියකින් තොරව නකල්ස් කඳු වැටියට ඇතුළුවීමෙන් වලකින ලෙස පොලිසිය එහි සංචාරය කරන්නන්ට දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ විවේකය සඳහා හෝ පර්යේෂණ කටයුතු සඳහා නකල්ස් කඳු වැටියට ඇතුළු වීමට අදහස් කරන ඕනෑම අයෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් කල යුතු බවයි.

ඔවුන් සඳහා එම දෙපාර්තමේන්තුව මග පෙන්වීමක් ලබා දෙන බවත් එය හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා ඉතා වැදගත් බවත් නිහාල් තල්දුව මහතා පවසනවා.

කඳු නගින්නන් නිසි ආරක්ෂක ක්‍රම අනුගමනය කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

මේ අතර, නකල්ස් කඳුවැටියේ ගැරඬිගල ප්‍රදේශයේදී අතුරුදන් වූ තරුණ තරුණියන් 33 දෙනෙකු මුදා ගැනීමට ආරක්ෂක අංශ සහ වන සංරක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?