“නංගි පොටෝ එකක් ගෙනත් දෙන්නකෝ. මං ඔයාව රඟපාන්න දාන්නම්”

රවීණ රංගන ශිල්පිනියක වූ විශාඛා සිරිවර්ධන පසුගියදා සිය ජීවන රඟමඬලට සමුදුන්නාය.

විශාකා සිරිවර්ධන කියන්නේ රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් රඟපෑ දක්ෂ රංගන ශිල්පිනියකි.

ඇය උපන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කටුපොත ග්‍රාමයේදී ය. ඇගේ පියා පුවත්පත් කතුවරයකු වගේම විදුහල්පතිවරයකු වූ ඩී.එස් සිරිවර්ධන වන අතර මව දෝනසීලී සිරිවර්ධනයි. දරුදැරියන් නවදෙනකුගෙන් යුතු පවුලේ හත්වැනියා වුණේ විශාකා ය.

තාත්තගේ මොරිස් කාරයට නැඟී පාසල් යන මේ දැරිවිය ලංකාවේ නමගිය නිළියක් වේවි කියල හීනෙකින්වත් හිතුවේ නැත.

කටුපොත තිස්ස විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇගේ ජීවිතයේ දෛවෝපගත ඉරණමට පාර කැපුණේ ඇගේ ඥාති නිවසක රූගත කෙරුණු මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘සමාවෙන්න’ චිත්‍රපටය නිසා ය. ගමේ හැමෝම වටවෙලා චිත්‍රපටයේ රූගත කිරීම් නරඹන අතරේ විශාකාත් පන්ති යන්න ආපු ගමන අමතක කර වශීකෘතව රූගත කිරීම් නැරඹුවාය.

එහි ප්‍රධාන චරිත රඟපෑවේ වසන්ති චතුරාණි, ආනන්ද වික්‍රමගේ සහ ජයසේකර අපොන්සු ය. ගෙදරට පන්ති යනව කියලා යාළුවොත් එක්ක චිත්‍රපටියේ රූගත කිරීම් නරඹමින් හිටිය විශාකාගෙන් ෂූටින් ඉවරවෙලා වසන්ති මෙහෙම ඇසුවාය.

ඔයාලගෙ ගෙදර දිවුල් නැද්ද? ගෙදර තියා අහල පහල ගෙදරකවත් දිවුල් නොතිබුණාට විශාකා ඔව් කීවා ය.

පහුවෙනිදා දිවුලුත් අරන් ෂූටින් නරඹන්න ගිය විශාකා වසන්තිට දිවුල් දීලා කතා කර කර හිටියාලු. ඔය අතරේ එතෙන්ට ආපු චිත්‍රපටයේ අධ්‍යක්ෂක මිල්ටන් ජයරත්න හරි අපූරු යෝජනාවක් කළා. “නංගි ආස නැද්ද රඟපාන්න”

“රඟපාන්න ආසයි ඒත් අම්මලා ඒකට ඉඩ දෙයිද දන්නේ නැහැ” කියලා ඇය කියද්දී නංගි පොටෝ එකක් ගෙනත් දෙන්නකෝ. මං ඔයාව රඟපාන්න දාන්නම්”

මිල්ටන් එමෙ කියද්දි විශාකගේ හිත සතුටින් පිනා ගියේය. ‍ඒත් ගෙනිහින් දෙන්න පොටෝ එකක් විශාකා ළඟ තිබුණෙ නැත. ඇය තම සමීපතම මිතුරියන් දෙදෙනාට එන්න කියා පොතුයි ඇඳුම් දෙකකුයි බෑගයක දාගෙන පන්ති යනවා කියල ගෙදරන් පිට වුණි.

ටවුමේ ස්ටුඩියොවට ගොස් ඡායාරූපයක් ගත්තේ ඒ කාලේ ජනප්‍රිය විලාසිතාවක් වුණු බෙල්බොටම් ඇඳගෙන ය.

අනික ගත්තේ කොට ගවුමක් ඇඳගෙන ය. ඒ පොටෝ දෙක ගෙනැවිත් ඇය මිල්ටන් ජයවර්ධන අතට දුන්නා ය. ඔහු ඇයව තෝරා ගත්තේ ය.

එකල චිත්‍රපට අධ්‍යක්ෂ සිරි කුලරත්න තම අලුත් සිනමා පටයට නවක නිළියක් සොයමින් සිටියේය.

විශාකා ගැන දැනගත් කුලරත්න සහ නිෂ්පාදකවරයා සමඟ ඇය සොයා ඇගේ නිවසට ගොඩ වැදුණි. චිත්‍රපටය ‘අනුරාධා’ය. ඇයට රඟපාන්න තිබුණේ මාලනී ෆොන්සේකා, එඩ්වඩ් ජයසිංහ සහ ජයසේකර අපොන්සු සමඟය. මේ සිනමා පටය 1981 වසරේදී තිරගත කෙරුණි.

ඒ වෙනකොටත් ඇගේ උස අඩි පහයි අඟල් හයකි. ලංකාවේ උසම නිළිය ලෙස ඇය සිය පළමු චිත්‍රපටයෙන්ම ජනප්‍රිය වෙන්න ගත්තේය. එක දිගට ඇය ගැන විස්තර පුවත්පත්වල පළ වුණි. කැමරාවට නව මුහුණක්, ඇතුගලෙන් තවත් නිළියක් වැනි සිරස්තල ඒ අතර විණි.

අනතුරුව වර්ණ චිත්‍රපටයක් වුණු ‘සනසන්න මා’ චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවන ඈ සිනමාවේ අහිංසකාවියන් අතරට එක්වූවාය. මේ චිත්‍රපටය ජනප්‍රිය වීමත් සමඟ ඇයට සිනමාපට ගලා ආවේය.

ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ ” සාරංගා”,මාලිනී පොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘සසර චේතනා ’,‘සඳමඩල’,‘යහළු යෙහෙළි’, ‘සත්‍යාදේවී’, ‘රන්දම්වැල්’, ‘ක්‍රිස්තු චරිතය’, ‘යසෝමා’, ‘භීෂණයේ අතුරු කතාවක්’, ‘ඇහැලේපොළ කුමාරිහාමි’, ‘සේයා ’ වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වන ඇය, රඟපෑ මුළු චිත්‍රපට සංඛ්‍යාව තිහකට අධිකය.

1985 වසරේ සරසවිය සම්මාන උ‍ෙලළේදී නැඟී එන නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබන විශාකා 1986 වසරේ OCIC කුසලතා සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. එසේ වුවත් උස අඩි පහයි අඟල් නවයක් වීම නිසා ඇයට චිත්‍රපටවල ප්‍රධාන භූමිකා බොහොමයක් අහිමි වූවාය.

ඒ ඈ සමඟ රඟප­ාන්නට සිටි නළුවන් එතරම් උස නොවූ නිසයි. එහෙත් ඇයට සිය සහෝදර නළුවකු වූ රොබින් ප්‍රනාන්දු හොඳ අවස්ථාවක් උදා කර දෙයි. ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘සුරදූතියෝ’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් ඇයට ලබාදෙමිනි. ඈ රඟපෑ සිනමාපට අතරින් ඈ වඩාත්ම කැමති චිත්‍රපටය වුණේ ‘සුරදූතියෝ’ බව ඇය ම වරක් පවසා තිබුණා ය.

මේ සිනමාපටය රූගත කරන අතරවාරයේ ඇයගේ පෙම්වතා වුණු ධර්මසිරිවර්ධන රිය අනතුරකට ලක්විය. ඇය ප්‍රේමවන්තයා විවාහ කරගෙන තම රංගන දිවියට තාවකාලිකව සමුදුන්නාය.

දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව නිළි රැජින මාලිනි ෆොන්සේකාගේ තම ‘සඳමඬල’ සිනමා පටයට ඇය තෝරා ගත්තාය. වසර දහතුනක් සිනමාවෙන් ඈත්ව සිටි විශාකා නැවත සිනමාවට පිවිසෙන්නේ මේ සිනමාපටය හරහාය.

සිනමාවේ ඇය රඟපෑ ප්‍රබලම චරිත නිරූපණය ලෙස ‘භීෂණයේ අතුරු කතාවක්’ චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය පෙන්වා දිය හැකිය.

සරල ගැහැනියක් වූ ඇය පොතපත කියැවීමට හා විසිතුරු මල්වගාවට බෙහෙවින් කැමැත්තක් දැක්වූවාය. සිනමාව, වේදිකාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට රංගයෙන් දායක වූ විශාකා එකිනෙකට වෙනස් වූ චරිත ඔස්සේ ‘තුලා දහර’, ‘සරල සමනලී’, ‘කිත්සිරිගේ ඉරණම’, ‘දෙවෙනි වේදිකාව’, ‘සැවිල් පාලික්’, ‘වසූදා’, ‘අහස් මාලිගා’,‘සුදු නෝනා’ ආදී ටෙලිනාට්‍ය රැසකින් ප්‍රේක්ෂක අවධානය දිනාගත්තාය.

ඉකුත් 23 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිය දිවි සැරිය නිමා කරන විට පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියා ය. මිය යන විට ඇය 64 වැනි වියේ පසුවිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18