ධීවර වරායන් තුනකට නවීන සමුද්‍රීය ගුවන් විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක

වාලච්චේන, ත්‍රිකුණාමලය සහ මයිලඩි යන ධීවර වරායන්හි නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතියේ නිල ගිවිසුමට අද (19) අත්සන් තැබුවා.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ දී පැවති මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත සහ JICA නියෝජ්‍ය අධ්‍යක්ෂ නොමුරා ටෙට්සුයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම පද්ධති මඟින් මුහුදට යාත්‍රා දියත් කරන ධීවරයින්ගේ ආරක්ෂාව හා සන්නිවේදනය සාධනීය ලෙස වර්ධනය කිරීමට නියමිත අතර, අදාළ ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සංවර්ධන ආධාර ඒජන්සියේ (JICA) තාක්ෂණික සහ මූල්‍ය ආධාර පදනමෙන් ක්‍රියාත්මක වනවා.

මුහුදේ බහුදින ධීවර බෝට්ටු සමඟ සම්බන්ධතාව අඛණ්ඩව පවත්වා ගැනීම, තත්ත්වය අධීක්ෂණය කිරීම, කාලගුණ අනතුරු ඇඟවීම් සහ ආරක්ෂක දැනුම්දීම් වේගවත් කිරීම සහ හදිසි අවස්ථාවලදී ගලවා ගැනීමේ ප්‍රතිචාර දැක්වීම් කාලය අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

එමෙන්ම නීතිවිරෝධී මසුන් ඇල්ලීම අවම කිරීම, නෞකා ගමන් මාර්ග සැලසුම් කිරීම වඩා කාර්යක්ෂම කිරීම සහ ධීවර කළමනාකරණය ජාතික මට්ටමින් ශක්තිමත් කිරීමත් මෙයින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ වනවා.

යෝජිත ව්‍යාපෘතිය ලබන වසර තුළදී ආරම්භ කර අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14