ධීවර ප්‍රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක්

කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම රක්‍ෂණය තම ජීවනෝපාය ලෙස කරදිය හා මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින ධීවරයින් ආවරණය කරයි.

මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ අයහපත් කාලගුණික හෝ දේශගුණික තත්ත්වයන් හේතුවෙන් හෝ ධීවර රැකියාවේදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් ජීවිතය අහිමිවීම හෝ අකර්මණ්‍යතාවයන් සඳහා ආරක්ෂණය සපයයි. එසේම, ධීවර කටයුතුවලින් බැහැරව සිටියදීත් අහඹු අනතුරකින් සිදුවන මරණ හෝ ආබාධ සඳහාද ප්‍රතිලාභ ලබා දෙනු ලැබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ වාර්ෂික රු. 2000/- රක්ෂණ වාරිකයක් ගෙවූ විට, හදිසි මරණයකදී රුපියල් ලක්‍ෂ 12ක වන්දියක් ලබා ගත හැකිය. ඊට අමතරව, පූර්ණ හෝ තාවකාලික අකර්මණ්‍යතාවයන්, එක් ඇසක් හෝ අත්-පා අංගයක් අහිමිවීම, හෝ කථන ශක්තිය සම්පූර්ණයෙන් අහිමි වීම වැනි තත්ත්වයන් සඳහාද කඩිනම් වන්දි ගෙවීම් සිදු කෙරේ.

මෙම ආරක්ෂණ යෝජනාව ධීවර ප්‍රජාවේ ජීවිත තරප්පුව ඉහළ නංවන අතර, ඔවුන්ගේ ජීවන අවදානම් අවම කිරීමට උපකාරී වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22