ධීවරයින්ට අලුත් තාක්ෂණය ඇති බහුදින යාත්‍රා හදුන්වා දෙයි (වීඩියෝ)

නවීන තාක්ෂණය සහ මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව කියා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) දිනයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාවේ සිටි ධීවරයින් ඉතා ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.