ධානිෂ් අලි සහ අනුරුද්ධ බණ්ඩාර සී.අයි.ඩීයට

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයින් දෙදෙනෙකු වූ ධානිෂ් අලි සහ අනුරුද්ධ බණ්ඩාර යන අය අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහායි ඔවුන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුවයි ඔවුන් අද මෙලෙස එහි පැමිණියේ.