දේශීය ගොවියාට ශක්තියක් වෙන්න බේකරි කර්මාන්තයට දේශීය කාබනික නිෂ්පාදන යොදාගන්න – අගමැතිනිය

බේකරි නිෂ්පාදන සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම දේශීය ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල ශක්තියක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ දී ඊයේ (12) පැවති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“ආර්ථික වශයෙන් රට නව පරිවර්තනයක් කරා ගමන් කරන තීරණාත්මක මොහොතක, බේකරි කර්මාන්තය හුදෙක් පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොවී, රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත් කර ගැනීමට හැකියාව තිබෙන බව මම විශ්වාස කරනවා. ආහාර නිෂ්පාදනයක පදනම විය යුත්තේ ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බවයි. එබැවින් රසයට පමණක් මුල්තැන නොදී, කෘත්‍රිම රසකාරක සහ වර්ණකවලින් තොර, පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කළ යුතුය.
සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට සහ දේශීය අල වර්ග වැනි අමුද්‍රව්‍ය භාවිත කරමින් අගය එකතු කළ නව නිෂ්පාදන නිර්මාණය කිරීම හරහා ගෝලීය “සෞඛ්‍ය සම්පන්න ආහාර” ප්‍රවණතාවය ජය ගැනීමට බේකරි කර්මාන්තයට හැකියාව තිබෙනවා.
විදේශීය සංචාරකයන්ට සපයන ආහාර සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීමෙන් දේශීය ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල ශක්තියක් ලැබෙනවා. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින අතර, අමුද්‍රව්‍ය ආනයන ගැටලු අවම කිරීම, නව තාක්ෂණය සඳහා සහනදායී ණය පහසුකම් ලබාදීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට රජය කටයුතු කරනවා. කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව සහ වෙළඳපොළ සම්බන්ධතා ඇති කිරීමට දැනටමත් රජය කර්මාන්ත අමාත්‍යංශය හරහා වැඩසටහන් දියත් කර තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39