දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට

රජයට අයවිය යුතු රුපියල් බිලියන 950ක බදු මුදලින් අභියාචනා සහ විරෝධතා නොමැති රුපියල් බිලියන 270ක් පමණ බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කමිටු රැස්වීමේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ ආර්ථික අර්බුයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එක්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය තුළ විවිධ නව බදු හඳුන්වා දී රජයේ ආදායම ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබියදී රජයට ආදායමක් ලබා දෙන විශාල ආයතනයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම ආදායම එකතු කළ හැකිද යනුවෙන් කමිටු සභාපති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රශ්න කළා.

ඒ අනුව අභියාචනා සඳහා තිබෙන ප්‍රතිපාදනය අවභාවිතා කරමින් බදු ගෙවන්නන් බදු ගෙවීමෙන් වැළකී සිටින බවත් එවැනි අභියාචනා කටයුතු අවසන් වීමට වසර 2-7ක පමණ කාලයක් ගත වන බවත් මේ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කළ යුතු බවත් කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පාලනය කළ නොහැකි අධිකරණ කටයුතු සඳහා දීර්ඝ කාලයක් ගතවන නීතිමය වශයෙන් පවතින අභියාචනා ප්‍රතිපාදන නිසා මෙය සිදු වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසූවේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා පෙන්වා දුන්නේ වෙනත් රටවල පවතින බදු සම්බන්ධ නඩු විභාග කිරීමට පවතින ආකාරයේ විශේෂ අධිකරණ පද්ධතියක් මෙරට පවතී නම් මෙම නීතිමය කටයුතු කඩිනමින් අවසන් කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර බදු අභියාචනා කටයුතු සඳහා විශේෂ අධිකරණ පද්ධතියක් ඇති කිරීමට පියවර ගන්නා බව කමිටු සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර, බදු ලිපිගොනු ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් අතුරෙන්, බදු ගෙවන ලිපිගොනු සංඛ්‍යාව පිළිබඳව කමිටුව විසින් විමසා සිටින ලදී. කෙසේ වෙතත් අදාළ තොරතුරු නිලධාරීන් සතුව නොමැතිවීම හේතුවෙන් කමිටුව සිය අප්‍රසාදය පළ කළ අතර මීළඟ කමිටු රැස්වීමේදී එම තොරතුරු ලබාදෙන ලෙස උපදෙස් දෙනු ලැබුවා.

එමෙන්ම බදු නොගෙවන විශාල වෙළෙඳ සමාගම් සහ ආනයනකරුවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. එහෙත් මේවා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි මෙහිදී අනාවරණ වූයේ. මේ අතර, රට තුළ සිදුවන දැවැන්ත ගනුදෙනුවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව ද කමිටුවේ සාකච්ඡා කරනු ලැබුවා. එබැවින් මේවා ලබාගැනීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය සහයෝගය කමිටුව හරහා ලබා දෙන බවත් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළා.

ලියාපදිංචි සමාගම්වලින් බදු අයකිරීම, නව බදු ලිපිගොනු ආරම්භ කිරීම, දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බදු නිලධාරීන් සම්බන්ධයෙන්, RAMIS පද්ධතිය වැනි කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20