දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තාක්ෂණික ගැටළු දින දෙකකින් යථා තත්ත්වයට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය (RAMIS) තාක්ෂණික ගැටළුවකට ඊයේ (30) ඇතිව තිබුණා.

මේ වන විට යථාතත්වයට පත් කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද (01) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

වර්ෂයට අදාළ ආදායම් වාර්තා සෑම වසරකම නොවැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අනුව 2021/2022 වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට නියමිත දිනය ‌ඊයේ (30) දිනට දී තිබුණා.

මේ හේතුවෙන් ඊයේ දින පද්ධතිය භාවිත කරන්නන් වැඩි ප්‍රමාණයක් එකවර පිවිසීමට උත්සාහ දැරීම නිසා පද්ධතියේ තදබදයක් ඇතිව ති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පද්ධතියට පිවිසීමට තිබූ බාධාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින අතර, දින දෙකක් ඇතුළත මෙය සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත් වනු ඇති.

නොවැම්බර් 30 දින වන විට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද යනාදී බදු වාර්තා ඊයේ දිනයේදී ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට සතියක කාලයක් තුළ එම වාර්තා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එකී කාලය තුළ ලබා දෙන වාර්තා නොවැම්බර් 30 දින ලබා දුන්නා සේ සළකා කටයුතු කරන අතර, මෙම කාලයට අදාළ අධිභාර නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22