දේශබන්දු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි (වීඩියෝ)

රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ වනවිට පැමිණ තිබෙනවා.

ඒ, පසුගිය 21 වනදා මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සිදුකළ නියෝගයට අනුවයි.

ඉකුත් අප්‍රේල් මස 10 වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය (21) වැනිදා අධිකරණයට කළ කරුණු දක්වා සිටියා.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න කරුණු දක්වමින් සඳහන් කළේ; හිටපු පොලිස්පතිවරයා ඇප ලබා පිටව යන අවස්ථාවේ දී ඇප කොන්දේසි කඩකළ බවත්, ඒ සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද (25) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අදහස් කර ඇති බැවින් හිටපු පොලිස්පතිවරයාට ද අද (25) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසයි.

එමෙන්ම හිටපු පොලිස්පතිවරයාට අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ දී ආරක්ෂාව දෙන්නැයි කළ ඉල්ලීම ද එදින අධිකරණය ප්‍රතික්ෂේප කළ පසුබිමක නීතිඥවරයෙකුගේ නොවන වාහනයකින් අධිකරණ භූමිය තුළට පැමිණ ඇත්තේ ⁣පොලිස්පතිවරයාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවකු ලෙස නම් කර වෙනත් නඩුවක් පවරා ඇති පුද්ගලයා සමඟ බවත්, ඒ පැමිණි වාහනය ද රොෂාන් නමැත්තකුට අයත් එකක් බව ද අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් සුදුසු නියෝග නිකුත් කරන ලෙසයි.

එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අද (25) දිනයේ දී දේශබන්දු තෙන්නකෝන්ට සහ එම වාහනයේ රියදුරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21