දේශබන්දු නිදහස් කිරීමට එරෙහිව නීතිපති ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දු ප්‍රකාශ කිරීම කල් යයි

ගාලුමුවදොර, ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කළ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුව අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයේ, මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තැබුවා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනය අද (05) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම අභියාචනය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.

ඒ, අනුව අදාළ මූලික විරෝධතා වලට අදාළ ලිඛිත දේශන සැප්තැම්බර් මස 15 වනදා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව එම මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

මෙහිදී පෙත්සම ගොනු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් ජූනි මස 23 වන දා ප්‍රකාශයට පත් කළ තීන්දුවට අදාළ පෙත්සමේ එක් කොටසක් සංශෝධනය කිරීම සඳහා වග උත්තරකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙන බව පැවසුවා.

ඒ, අනුව අදාළ නඩුව මේ වන විටත් සක්‍රීය මට්ටමේ පවතින හෙයින් එහි කටයුතු අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක ජෙනරාල්වරිය අධිකරනයෙන් ඉල්ලා සිටියා.

එහෙත් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුත්තෙන් අවසන් තීන්දුව ලැබෙනතුරු තමා අභියාචනාධිකරණය හමුවේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

ඒ, අනුව මෙම අවස්ථාවේ අදාළ කරුණ සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍ය නොවන බව විනිසුරු මඩුල්ල ද ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30