දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට (වීඩියෝ)

අනිවාර්‍යය නිවාඩු රාජකාරි යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (22) දහවල් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියා.

ඇප ලබා පිටව යාමේ දී අධිකරණ නියෝග කඩකරමින් මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයට ගැනීම තුළින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා තීන්දු කළ අතර එම නඩුවයි අද දින යළිත් කැඳවූයේ.

සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මුල් අවස්ථාවේ අධිකරණයකට සිදු කරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ බලය එම අධිකරණයට නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම් දුන්නා.

2023 වසරේ දෙසැම්බර් 31 වැලිගම W15 හෝටලය ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකදී පොලිස් සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් දින 22ක් රක්ෂිත බන්ධනාගාරගත කළ ධුරයේ රාජකාරී කිරීම අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අප්‍රේල් 10 වැනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඇපමත මුදා හැරියා.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෞද්ගලික මෝටර් රථය අධිකරණ භූමියට ගෙන්වාගෙන ඉන් පිටව ගියේ මෝටර් රථය අධිකරණ පරිශ්‍රයට නොගෙන එන ලෙසට සහ ආරක්ෂකයින් යොදා නොගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දුන් ඇප කොන්දේසි ද කඩකරමින්.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණා.

ඒ අනුව අංක BR2347/25 යටතේ නඩුවක් ලියාපංදිචි කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32