දේශබන්දුව පොලිස්පති කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සම් විභාගයට දිනදෙයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ලබන වසරේ පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම් අද (08) දින අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් ලබන වසරේ පෙබරවාරි මස 12 වනදා විභාගයට ගන්නා බවයි.

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09 ක් ඉදිරිපත් කර තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් වසරේ ඔක්තෝබර් 29 වැනිදා අවසර ලබා දුන්නා.

රනිල් වික්‍රමසිංහ මේ වන විට ජනාධිපති ධුරයෙන් නික්ම ගොස් ඇති හෙයින්, ඔහුගේ මුක්තිය ඉවත්වී ඇති නිසා ඔහු නමින්ම වගඋත්තරකරුවකු කිරීමට අවසර දෙන ලෙස මෝසමක් මගින් පෙත්සම කැඳවූ අවස්ථාවේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉල්ලා සිටියා.

ඒ, අනුව කරුණු සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රනිල් වික්‍රමසිංහ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබාදීමට නියෝග කළා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම පෙත්සම ගොනු කර තිබුණා.

මීට පෙර මෙම පෙත්සම තවත් පෙත්සම් හතක් සමඟ කැඳවූ අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම තාවකාලිකව නතර කරමින් අතුරු නියෝගයක් ද ඉකුත් වසරේ නිකුත් කළා.

එමෙන්ම ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතත්, කතානායකවරයා සහ දේශබන්දු තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් කඩ කර ඇත්දැයි සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32