දේශබන්දුට දුන් තීන්දුවකට එරෙහි ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර

කොටුව ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන කොටුව පොලිසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ ක⁣ළේ යැයි චෝදනා කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ විසින් ගොනුකර තිබෙන එම පෙත්සම අද (19) සලකා බැලිමෙන් අනතුරුව ප්‍රිති පද්මන් සුරසේන, මහින්ද සමයවර්ධන , සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඊට අවසර ලබාදෙනු ලැබුවා.

එහිදි විනිසුරු මඩුල්ල එම පෙත්සම ලබන වසරේ ජුනි මස 12 වනදා විභාගයට ගැනීමටයි දින නියම කළේ.

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරියේ තිබී සොයා ගත් එම මුදල කොටුව පොලිසියට භාර දී තිබූ අතර පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට මුදා හරින ලෙස දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් ලබා දී ඇති බව පෙන්වා දෙමින් මහින්ද ජයසිංහ පුද්ගලිකව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

එහිදී එම නඩුව බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා මෙම අභියාචනා පෙත්සම මහින්ද ජයසිංහ ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09