දේශපාලන හිතවත්කම් මත ආයෝජන අවස්ථා නෑ – නව ආයෝජන කලාප 05කුත් 2025 දී

රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නව ආයෝජන අවස්ථා ලබා දීමේ දී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදි කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත්, රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබාදෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති සාකච්ඡාවේදීයි.

දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බව ද කියා සිටියා.

ආයෝජන මණ්ඩලයට පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවිය යුතු බවත්, රටට හිතකර ආයෝජකයන් ගෙන්වා ගැනීමට ආයෝජන මණ්ඩලයට පූර්ණ නිදහස ලබාදෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කෙරුණා.

ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලබාදීමට මෙන්ම නව ආයෝජන කලාප 05ක් ලබන වසරේ දී රට තුළ ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, අධ්‍යක්ෂ ජනරාල් රේණුක වීරකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55